Back in Action
2025 ජනවාරි 17 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වුණු ඇමරිකානු ක්‍රියාදාම හාස්‍යජනක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Seth Gordon. කතාව ගෙතෙන්නේ කලින් CIA ඔත්තුකරුවන් වුණු එමිලි සහ මැට් වටා. ඔවුන් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඉන්න අතරේ ඔවුන්ගේ රහස් අනන්‍යතාවය එළි වෙනවා. ඒ නිසා ඔවුන්ට නැවතත් ඔත්තු ලෝකයට එන්න සිද්ධ වෙනවා. මේ චිත්‍රපටියේ එමිලිගේ චරිතය රඟපාන්නේ Cameron Diaz. ඇය වසර ගණනාවකට පස්සේ නැවත රංගනයට එන පළමු චිත්‍රපටිය මෙයයි. මැට් ලෙස Jamie Foxx රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Glenn Close, Kyle Chandler සහ Andrew Scott ඇතුළු පිරිසක් සහය නළු නිළියන් විදිහට එකතු වෙනවා. චිත්‍රපටයට විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සමහරු කියනවා මේක පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් විනෝදාත්මක චිත්‍රපටියක් කියලයි. Cameron Diaz සහ Jamie Foxx ගේ රංගනයත් හොඳයි කියලත් ගොඩක් අය පවසනවා. ඒ වුණත් සමහරු කියන්නේ කතාව ටිකක් සාමාන්‍ය මට්ටමේ එකක්, ඒ තරම් විශේෂ දෙයක් නැහැ කියලයි. ඔයාලත් මේ වගේ ක්‍රියාදාම පිරි හාස්‍යජනක චිත්‍රපටි බලන්න කැමති නම් මේ චිත්‍රපටිය නරඹන්න
- English (UK)
Not Rated Yet