Clown in a Cornfield
2025 මැයි 9 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී තිරගත වුණු හෝර්රර් අභිරහස් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Craig. කතාව ගෙතෙන්නේ ක්වින් සහ ඇයගේ තාත්තා අලුත් ජීවිතයක් පටන්ගන්න කේට්ල් ස්ප්‍රින්ග්ස් කියන නිස්කලංක නගරයට ආවට පස්සේ. ටික කාලෙකින් ඔවුන් දැනගන්නවා ගොඩක් වටිනා කර්මාන්ත ශාලාවක් ගින්නකින් විනාශ වීම නිසා මේ ප්‍රජාව අමාරු කාලයක් ගත කරනවා කියලා. නගරයේ අය එකිනෙකාට දොස් පවරාගනිමින් ඉන්න වෙලාවේ, බඩඉරිඟු කෙත්වලින් බිහිසුණු විදිහට හිනාවෙන විහිළුකාරයෙක් ඇවිත් එකින් එකා මරමින් නගරය පිරිසිදු කරන්න පටන්ගන්නවා. මේ චිත්‍රපටියේ ක්වින්ගේ චරිතය රඟපාන්නේ Katie Douglas. ඇය සමඟ Aaron Abrams, Carson MacCormac, Cassandra Potenza සහ Verity Marks ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. විහිළුකාරයා ලෙස රඟපාන්නේ Kevin Durand. චිත්‍රපටයට විචාරකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ගොඩක් අය කියනවා මේක බියජනක වගේම හාස්‍යයත් එකට කලවම් කරපු හොඳ චිත්‍රපටියක් කියලා. ඒ වගේම ප්‍රධාන නළු නිළියන්ගේ රංගනයත් ගොඩක් හොඳයි. ඔයත් මේ වගේ හාස්‍යය මුසු හොල්මන් චිත්‍රපට බලන්න කැමති නම් මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනවා. මේක Shudder සහ RLJE Films විසින් තමයි බෙදාහැරලා තියෙන්නේ.
- English (UK)
Not Rated Yet